ඔස්ටේ්‍රලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේදීත් අයහපත් කාළගුණයක්

ඔස්ටේ්‍රලියාවේ සමස්ත ප්‍රදේශයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට මෙම සති අන්තයේදීත් අයහපත් කාළගුණ තත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළවෙයි.

ක්වීන්ස්ලන්ඩ් – නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා යන ප්‍රාන්තවලට දැඩි සුළං / ධාරාණිපාත වර්ෂා සහ ජලගැලීම් තත්වයක් හටගනු ඇති බවයි කාළගුණ අංශ දන්වා සිටින්නේ.

කිසියම් ආපදා තත්වයක් ඇතිවුවහොත් සහන සේවා කටයුතු සඳහා අවශ්‍ය කණ්ඩායම් සීරුවෙන් තබා ඇති බවද සඳහන්.

ක්වීන්ස්ලන්ඩ් – නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල ප්‍රදේශ රැසකට ජල ගැලීම් අවධානම් නිවේදන ද නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවද වාර්තා වනවා.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »