මෙල්බර්න් නගරයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ සේවක පිරිසක් CFMEU මූලස්ථානයට කඩා වැදී කළහකාරී ලෙස හැසිරී තිබේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ සේවකයන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට විරෝධය පළකරමිනුයි මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇත්තේ.
වෘත්තීය සමිතියේ ප්‍රධානී John Setka ට ඉල්ලා අස්වන ලෙසටද විරෝධතාකරුවන් විසින් මෙහිදී බල කර තිබේ.
ඉදි කිරීම් සේවකයන් පසුගියදා මාර්ග අවහිර කර විරෝධතාවයක නිරත වූයේද නව රෙගුලාසිවලට විරෝධය පළකරමිනුයි.
ලබන 23 වනදා වනවිට එන්නත ගෙන නොමැති ඉදිකිරීම් සේවකයන්ට සේවය කිරීමට අවසර නොදෙන බවටයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් පසුගියදා අනතුරු අගවා සිටියේ.
Pics – AAP